Thursday, November 19, 2020

‘‘නවක වදය’’ විවේචනයෙන් නොනැවතී වෙනසකට..

No comments :

 


කාලයෙන් කාලයට රට තුළ සාකච්ඡා වන ප‍්‍රධාන මාතෘකාවක් බවට නවක වදය පත්වේ. විටෙක ජාතික පුවත්පත්වල කතුවැකි ඒ සඳහා ම වෙන් වන අතර ගුවන් විදුලිය හා රූපවාහිනියේ ද ඒ සඳහා ම වැඩ සටහන් නිර්මාණය වේ. එලෙස ම විටෙක රටේ ජනාධිපතිවරයාගේ සිට ම නවක වදය පිලිබඳ සාකච්ඡාව පවතින අතර තවත් විටක පාර්ලිමේන්තුව තුල ද ප‍්‍රධාන මාතෘකාවකි. පසුගිය ආණ්ඩු කාලය තුල මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම නවක වදය සම්බන්ධ කාරණය ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට පවා තමන් පැවසූ බවයි. මෙම බොහෝ විවේචන එවෙලට ජනප‍්‍රිය මාතෘකාව බලා ගන්නා මෝඩ චූන් පමණක් ය. ඇතැම් සාකච්ඡා සෝඩා බෝතලය කැඩුවා සේ ය. ඇතැම් විවේචන පට්ටපල් බොරු ය. පාලකයින්ට විශ්වවිද්‍යාල තුල නවක වදය තුරන් කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ නවක වදය තබාගෙන එය වේදිකාවේ තොරම්බල් කිරීමට ය. ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ අවලාද නැඟීමට යග එමගින් ශිෂ්‍ය සටන් මර්දනය කිරීමට පාර කපා ගැනීමට ය. එම නිසා පාලකයින්ගේ පැත්තෙන් ගෙන එන විවේචන පිටුපස සිටින්නේ රකුසෙකි. නමුත් විශ්වවිද්‍යාලය තුල නවක වද සිදුවීම් ඇත. අප එය පිළිගනිමුග නවක වදය කියනවාටත් වඩා එයට වඩාත් ම ගැලපෙන්නේ සංස්කෘතික පසුගාමීත්වයයි. එම සංස්කෘතික පසුගාමීත්වයට එරෙහි ව ශිෂ්‍ය ව්‍යාපාරය තුල අප සංවාදයක් ගොඩ නැගිය යුතුය. මන්ද නවක වදය සත්‍ය වශයෙන් ම බාධාවක් වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට වීම නිසාය.

නවක වදය ලෙස සිංහලට පරිවර්තනය වන වචනය “Rag” (Ragging) ලෙස ඉංග‍්‍ර‍්‍රීසි භාෂාවේ සඳහන් වේ. විශ්වවිද්‍යාලය තුලට Rag පැමිණියේ කෙලස දැයි විවිධ මත පවතී. දැනට පවතින ජනප‍්‍රිය මතය අන්තරයෙන් ආරම්භ කර පවත්වා ගෙන යන බවය. බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල තුලට රාජකීයයන් පැමිණීමේදී ඔවුන් අන් ශිෂ්‍යයන් සමඟ සම තත්වයට ගෙන ඒම, නොමැති නම් සම ව සැලකීම සඳහා විවිධ සංස්කෘතික අංග පවත්වා ඇත. එය ‘’Royal admission game” ලෙස හදුන්වා ඇත. රාජකීයයන්ට වැරහැලි අන්දවා කුණුවතුර නහවා පවත්වන මෙම බොහොම සහෝදරාත්මක සංස්කෘතික අංගයක් ලෙස ‘’Royal admission game” පැවැත්වීම එකල සිසුන්ගේ සිරිත විය. මෙම ‘‘Rag’’ යන වචනය නිර්මාණය වීමට පසුබිම සකස් වූයේ එලෙස ය. එලෙස ම 1935-1940 ලෝක යුද්ධ සමයේ දී යුද්ධයට සහභාගී වූ තරුණයින් පසුව විශ්වවිද්‍යාලවලට පැමිණි පසු ශාරීරික නවක වදය සරසවි තුල ආරම්භ වූ බවට ද මතයක් ඇත. කෙසේ වෙතත් නවක වදයේ ඉතිහාසය ලංකාවෙන් කෙලවර නොවේ. ලංකාවේ මුලින් ම ආරම්භ වූ විශ්වවිද්‍යාලය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ඒ 1942 දීය. සර් අයිවෝ ජෙනින්ග්ස් මහතා ඒ සඳහා මූලිකත්වය ගත් අතර ඔහුගේ විශ්වවිද්‍යාල ආදර්ශය වූයේ ද ඔක්ස්ෆර්ඞ්, කේම්බි‍්‍රජ් වැනි ලෝක සුවිශාල විශ්වවිද්‍යාලවල ආකෘතීන් ය. එලෙස ගොඩ නගන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුලට බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල සංස්කෘතිය ද විසරණය විය. බකට් කිරීම, “Going down party, Welcome party” වැනි බොහෝ දේ ඒ අතර ඇත. එපමණක් නොව සංස්කෘතිය උකහා ගැනීමේ දී “Ragging” ද එලෙසට ම විශ්වවිද්‍යාල තුලට පැමිණෙන අතර මුල් යුගයේ  “Ragging” බොහොම සොඳුරු ඒවා බවට එකල සිටි පිරිස් පවසයි. නමුත් එයට හාත්පසින් ම විරුද්ධ මත ද පවතී.


මුල් යුගයේ ලංකාවේ විශ්වවිද්‍යාල තුලට ඇතුලත් වූ සිසුන් ඉහළ පාන්තික සිසුන් ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරණ නේවාසිකාගාර ආකෘති පවා සැකසී ඇත්තේ එක් ශිෂ්‍යයෙකුට තනි කාමරයක් ලබා දී සේවකයෙක් තබා ගත හැකි පරිදිය. එකල විශ්වවිද්‍යාල සිසුන්ගේ සමාජ ආර්ථික පදනම කියා පෑමට හොඳම නිදසුන වන්නේ පළමු ශිෂ්‍ය අරගලයයි. 1950 දශකයේ සිදු වූ මෙය ආහාර වේලට බිත්තරයක් හා “Car park” එකක් එකල සිසුන්ට තිබූ ඉල්ලීම් ය. නමුත් 1956 ස්වභාෂා පනත හරහා මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලැබීම සහ 1947 නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම හරහා එකල පහළ පාංතික කොටස් වලට ද අධ්‍යාපනය ලැබීමට හැකි වූ නිසා 1960 දශකයෙන් පසුව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංයුතිය වෙනස් විය. එයත් සමඟ ම විශ්වවිද්‍යාලවල සංස්කෘතිය ද වෙනස් විය. රටේ පවතින දේශපාලන සමාජ තත්වයේ සහ එයට ප‍්‍රතිචාර දැක්වීමේ යම් පරාවර්තනයක් විශ්වවිද්‍යාල තරුණයන් අතර ද ඇති විය. අප කෙසේ් විග‍්‍රහ කර ගත්ත ද 1971 අරගලයට විශ්වවිද්‍යාල සිසුන්ගේ යම් මැදිහත්වීමක් ද තිබිණි. ඉන් අනතුරුව 1976 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීම සමාජය තුල මහත් කැළඹීක් ඇති කළ අතර එයට එරෙහි ව ප‍්‍රතිචාර දැක්වීම 1987 -1989 අරගලයක් දක්වා දිව ගිය අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද එයට සම්බන්ධ විය. 80 දශකය අගභාගය විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මරණය අතින් ගෙන ජීවත් වූ යුගයකි. එයට උචිත ශිෂ්‍යයෙකු ගොඩනැගීම සඳහා විශ්වවිද්‍යාල තුල ඇතැම් සංස්කෘතික අංග ගොඩනැගුණු අතර වර්තමානයේ ඒවා දක්නට ලැබීම ගැටළු සහගත ය. ‘90’ දශකයේ අගභාගය වන විට විශ්වවිද්‍යාල තුල නවක වදය යම් අමානුෂික ස්වභාවයකට පැමිණෙන අතර පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකුගේ මරණයෙන් අනතුරුව නවකවදය නැවැත්වීමට සම්පූර්ණ මැදිහත්වීමක් ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත්වීමෙන් ආරම්භ කරන ලදී. මේ වන විට බොහෝ සංස්කෘතික පසුගාමී අංග සරසවි සංස්කෘතියෙන් මකා දමා ඇති අතර තවමත් බොහෝ දෑ ඉතිරිව ඇත.

සංස්කෘතිය අර්ථ දැක්වීම සඳහා විවිධ මත ඇත. නමුත් පොදුවේ “සොබාදහමෙන් බාහිර ව මිනිසා ගොඩනගා ඇති සමස්තය” සංස්කෘතිය ලෙස හඳුනාගනී. සංස්කෘතිය යනු සැමදා එක තැන පල් වෙන දෙයක් නොවේ. සංස්කෘතිය ගතික ය. එනම් වෙනස් වේ. වෙනස් නොවීම “සංස්කෘතික ලැග්ම” ලෙස පවසයි. සංස්කෘතිය වෙනස් නොවීම රටකට ද, ජන කොට්ඨාශයකගේ ද ඉදිරි මානව සංවර්ධනය සඳහා බාධාවකිග එම නිසා සංස්කෘතිය වෙනස් විය යුතුය. නව්‍ය දේවල් උකහා ගනිමින් පරණ දේවල් අතහැර දැමිය යුතුය. සංස්කෘතිය බලෙන් පැටවිය නොහැක. ඒ සඳහා කුමන ආකාරයක හෝ තර්ජනය කිරීමක් පිළිගත නොහැකිය. එම නිසා අතීතයේ විවිධ තත්ත්ව යටතේ පැන නැගුණු සමාන ඇඳුමක් ඇන්ද වීම වර්තමානය වන විට අප අතහැර දැමිය යුතුය. මෙවැනි උදාහරණ අපට බොහෝමයක් ඇතග සරසවිය තුල සාකච්ඡුාවට ගත යුත්තේ සාමූහික මනුෂ්‍යත්වයෙන් පිරි හා සමාජ වගක’මක් ඇති නව්‍ය ශිෂ්‍යයන් ගොඩ නැගෙන්නේ කෙසේ ද? යන්නයි. එවැනි ශිෂ්‍යයෙක් ගොඩ නැඟීම සඳහා පවතින උප සංස්කෘතිය කෙතරම් වැදගත් වේද? අප ගෙන ආ යුතු ප‍්‍රශ්නය එයයි. පෙර කී සරසවි ශිෂ්‍යා ගොඩ නැංවීම සඳහා අපගේ සංස්කෘතිය කිනම් සාධනීය මට්ටමකට ගොඩ නැගිය යුතු දැයි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප එම වගකීම බාරගෙන ඇති අතර තවදුරටත් සක්‍රිය ව මැදිහත් විය යුතු බව ද පිළිගනිමු.

මෙහි අනෙක් ප‍්‍රශ්නය වන්නේ තනි පුද්ගල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් “ඕන එකෙක්ට  ඕන එකක් කරන්න දීපල්ලා” යන පටු ආත්මාර්ථකාමී කිසිදු සමාජ වගකීමක් නැති නරුම අදහසකි. නව ලිබරල් ආර්ථික ක‍්‍රමය තුළ මුළු සමාජය වෙලාගෙන ඇති අදහස මෙවැන්නකි. “අපට  ඕවා වැඩක් නෑ”, “අපි හම්බ කරගත්තොත් අපි කනවා”, “රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන” වැනි ප‍්‍රකාශ සමාජය තුල ජනප‍්‍රිය ව පවතී. විශ්වවිද්‍යාල ශිෂ්‍යා ද මෙවැනි තැනකට පත්වීම අපට අනුමත කල නොහැක. රටක අනාගතය භාර ගැනීමට සිටිනා සබුද්ධික ප‍්‍රජාව ලෙස තම චින්තනය මෙසේ සකස් කර ගන්නේ නම් රටටත් ජනතාවටත් මේ නරුම සමාජයෙන් ගැලවිය නොහැක. නමුත් බොහෝ විවේචකයන්ගේ අරමුණු එවැනි ශිෂ්‍යයෙකු නිර්මාණය කිරීමයි. එය පාලකයන්ගේ අවශ්‍යතාවය වන අතර එවිට ඔවුන්ගේ පාලනය ප‍්‍රශ්න නොකරනු ඇත. එම නිසා මෙම සමාජය පවත්වාගෙන යන සරසවි ශිෂ්‍යයෙකු වෙනුවට මෙම සමාජය ප‍්‍රශ්න කරන සරසවි ශිෂ්‍යයෙකු ගොඩ නැගීම අපගේ අරමුණයිත අප එය නොබියව ප‍්‍රකාශ කරමු.

ආරම්භයේ පැවසුවා සේ ම නවක වදය සම්බන්ධයෙන් විවිධ කාලවල විවිධ මට්ටමින් සමාජයේ සාකච්ඡාවට ලක් වේ. ඒවා මාධ්‍යවලින් උළුප්පා පෙන්වයි. ඇතැම් ඒවා අමූලික බොරු ය. ඒ හරහා ඉතා අමානුෂික නවකවදයක් විශ්වවිද්‍යාල තුල ඇති බවට බිල්ලෙක් මවා පෙන්වයි. තව ද ඒවා කරන්නේ ශිෂ්‍ය සංගම් සහ අන්තරයෙන් යැයි චෝදනා කරයි. හැබැයි ඒ සියල්ල පිටුපස ඇත්තේ ආණ්ඩුවට අභියෝගයක් වූ ශිෂ්‍ය ව්‍යාපාරය නිහඬ කිරීමය. “මේවා ඔක්කොම කරන්නේ අන්තරේ” යැයි කියන ජනප‍්‍රිය විවේචනයේ සිටින ආචාර්යවරු ද නැත්තේ ම නොවේ. ඒ සියල්ලේ ම විවේචන හරහා සිදුවන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ගෙන ඒම ය. දැන් දශක 03 කට ආසන්න කාලයක සිට මෙම විවේචනය ගෙන එයි. 1975 රූපා රත්නශීලි සිදුවීම පවා අන්තරේ පිට දාන පත්තර කතෘවරුන් අන්තරේ ගොඩ නැගුවේ 1978 බව නොදන්නවා නොවේ. ඔවුන් සිතා මතා ම ජන මනස රවටයි. සිසුන්ට නවක වදය දී කැට සල්ලිවලින් සිසු නායකයින් සැප වාහනවල (V8) යන බව පවසයි. ඇමතිවරුන් ද මයික් ඉස්සරහට විත් එවැනි ප‍්‍රලාප කියයි. නමුත් සත්‍ය කරුණ නම් පාලකයින්ට නවක වදය තුරන් කිරීමට අවශ්‍ය නොමැති වීමයි. ඔවුන්ට අවශ්‍ය නවක වදය පවත්වා ගනිමින් ඒක තොරොම්බල් කිරීමයි.

එම නිසා නවක වදය විශ්වවිද්‍යාල තුලින් ඉවත් කිරීම වඩාත් වැදගත් වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයටයි. මන්ද ශිෂ්‍ය ව්‍යාපාරයට හැමෝම ඇඟිල්ල දික් කරන්නේ එම ගේට්ටුවෙන් වීම නිසාය. පාලකයන්ට මර්දනය ගෙන ඒමට විවෘත කරපු කඩුල්ල වන්නේ ද නවක වදය වන නිසා ය. නමුත් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය එක රැයකින් වෙනස් කල හැක්කක් නොවේ. එය ප‍්‍රගතිගාමික පදනමක් මත ගොඩ නැඟී ඇති අතර ඒ සදහා මතවාදයක් ද පවතී. ඒ වෙනුවෙන් පෙනී සිටින විශාල සිසුන් ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාල තුලත් බාහිරවත් ඇත. එමෙන් ම අප ජීවත් වන පසුගාමී ආසියාතික වැඩවසම් ලක්ෂණ සහිත සමාජයක මෙය තවත් අපහසු ය. ඒ සදහා පුළුල් කතිකාවතක් විශ්වවිද්‍යාල ප‍්‍රජාව තුල ඇති කරගත යුතු ය. සිසු-ආචාර්යවරු සියල්ලන් ම ඒ සදහා සම්බන්ධ විය යුතුය. එවැනි කතිකාවතක් සරසවි ශිෂ්‍යයන් තුලට ගෙන යාමෙන් පමණක් මේ සදහා ප‍්‍රවේශයක් ගත හැකි අතර එසේ නොමැති නම් මේ සදහා සදාකාලික විවේචනයන් ගෙන යමින් සිටිය හැකිය. නමුත් අප කල යුත්තේ වෙනස් කිරීමය. ඒ සදහා අරගල කිරීමය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස අප එයට ඉඳුරා ම සූදානම් අතර සිසු-ආචාර්ය කතිකාවතක් තුලින් එයට මං විවර කරගත හැකි බව විශ්වාස කරමු.

මහා ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය


Saturday, November 7, 2020

සිසු අරගල ඉතිහාසයෙන් හෙට අරගලයට දැක්මක්

No comments :

 


දශක ගණනාවක් පුරා තම අයිතීන් වෙනුවෙන්, පරාර්ථකාමී හැඟීම් කැටිව හා යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් ලෙස හුදෙක් නිදහස් අධ්‍යාපනය සුරැකීම පමණක්ම තම ඒකායන අරමුණ බවට පත් කර නොගනිමින් පොදුවේ සමාජයේ අයිතීන් දිනා දීම උදෙසා කැප වූ ව්‍යාපාරයක් ලෙස  ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය යථාර්ථවාදීව හඳුනා ගත හැකිය. ඒ උත්තුංග අරමුණ වෙනුවෙන් තම කාලය, ශ‍්‍රමය, දහදිය, රුධිරය, කඳුළු පමණක් නොව තම ජීවිත ද කැප කළ ව්‍යාපාරයක් ලෙස මෙය වර්තමානයේ ද මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙර සේම එක සේ අරගල මතින් පන්නරය දෙමින් සටන් වදිමින් සිටී. මේ අතුරිනුත් නිදහස් අධ්‍යාපනය මෙතූවක් දුරට හෝ ආරක්ෂා වී ඇත්තේ සමාජය ප‍්‍රගතශීලී කොටස් සමග එක්ව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව කරන ලද සටන් වල ප‍්‍රතිඵලයක් ලෙස ය.

1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල සංශෝධන පනත භාවිතා කරමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලීය නමින් පෞද්ගලික ආයතනයක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරම්භ කෙරිණි. හරිහැටි ගොඩනැඟිලි පසුකම් පවා නොමැති පසුබිමක රජයේ පාසල් ගොනැගිල්ලක මෙය ආරම්භ කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම කඩිනමින්ම  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර අධ්‍යාපනය විකිණීමට තිබු   ප්‍රතිපත්තිය මනාව පැහැදිලි වේ.   ආරම්භයේ සිටම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට විරුද්ධ වූ අතර එවකට පැවැති  J.R. රජය විසින් ඔවුනට තිබූ අසීමිත විධායක බලතල හා පැවැති ආණ්ඩු බලය උපයෝගී කරගෙන, රාජ්‍ය ත‍්‍රස්තවාදය භාවිත කොට රට තුළ ජාතිවාදී අරගලයන් ඇති කළ අතර එය දඩමීමා කර ගනිමින් යුක්තිය උදෙසා හඬ නගන සටන් ව්‍යාපාර මර්ධනය කරන ලදී.

ඒ යටතේ වර්ෂ 1983 දී ශිෂ්‍ය නායකයින් විශාල ප‍්‍රමාණයක් සිරගත කරමින්, ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය සටන් යටපත් කරන්නට පිඹුරුපත් සකස් කරන ලදී. නමුත් එවකට සිටි ශිෂ්‍ය නායකයින් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම සටන් කාමිත්වය පිළිබිඹු කරමින් “ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටු” නමින් නව  ව්‍යුහයක් ගොඩනඟා ගනිමින් අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තීන්ට මෙන්ම විශේෂයෙන්ම  උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කිරීමට පෙළ ගැසිණි.

ඉහත කී මර්දනයන් සමඟ ම වර්ෂ 1983 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වුණු විභාගයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ද සහභාගි කරවිණි. එයට කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර ඔවුන් මීට එරෙහිව අධිකරණමය වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එය ද ව්‍යාර්ථ විණි.

වර්ෂ 1987 පමණ වන විට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන තීව්‍ර වන ලකුණු පහළ වෙමින් තිබිණි. මීට ප‍්‍රධානතම හේතුව වූයේ 1987 වර්ෂයේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ අවසන් වසර විභාගය සඳහා එකට මුහුණ දීමට සූදානම් කර තිබීමයි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ ඔවුන් සියලූ දෙනාටම එකවර සීමාවාසික වෛද්‍ය  පුහුණුව ලබාදීම වන අතර, ඒ වන විටත් රජයේ වෛද්‍ය පීඨයන්හි 510 ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන්  140  ක් පමණ දෙනාගේ සීමාවාසික පත්වීම් අහිමි කර තිබිණි. මෙයට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් දැඩි සේ විරුද්ධ විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ වෛද්‍ය  ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ අරගලය දිගින් දිගට ම ජයග‍්‍රාහී මාවත තෙක් ගෙන එන ලදී. කලූ පටි පැළඳ සිදු කළ විරෝධතාවයෙන් ඇරඹි මෙම ශිෂ්‍ය විරෝධතා තවත් වෘත්තීය සමිති එක් කරගත් පුළුල් වැඩ වර්ජන දක්වා දිගු විය. ඊට අමතරව  “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨයත් සමග රට පුරා පවත්වන ලද සම්මන්ත‍්‍රණ මාලාවන් මගින් පොදු ජනයා දැනුවත් කරමින් බහුජන අරගලය  ජයග‍්‍රාහී මාවතකට ඔසවා තැබූහ. එමෙන්ම වර්ෂ 1987 සැප්තැම්බර් මස සිට    “වෙද සිසු හඬ” පුවත් පත ද රට පුරා බෙදා හැරීමට කටයුතු කළ අතර වර්ෂ 1987 ජූලි මස සිට කොළඹ වෛද්‍ය පීඨ සිසුන් අඛණ්ඩ පන්ති වර්ජන ක‍්‍රියා මාර්ගයකට ද අවතීර්ණ විය.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය මෙන්ම අනෙකුත් අරගලයන් ද වඩාත් තීව‍්‍ර වීමත් සමඟ පාලකයින් විසින් විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමට තිරණයක් ගනු ලැබූ අතර ඉන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වී ”ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය” ගොඩ නගන ලදී. මෙමඟින් දිස්ත‍්‍රික් මට්ටමේ ශිෂ්‍ය කමිටු ගොඩනගා ගනිමින් විශාල වැඩ කොටසක් සිදු කළ අතර එයින් අරගලයට නව ජීවයක් ලැබුණි.

මර්දනය තව තවත් උත්සන්න කරමින් අන්තරේ  කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය සහෝදරයා ද ඒ සමයේ ඔවුන්ගේ ගොදුරක් කරගත්හ. රත්නපුර දිස්ත‍්‍රික් වෛද්‍ය පීඨ කමිටුවේ ප‍්‍රධානියා වූ ත‍්‍රිමා විතාන සහෝදරයා ඇතුළු තවත් සහෝදරුන් දෙදෙනෙක් පැහැර ගැනීමට ලක් කර අමානුෂික වධ හිංසා පමුණුවා ඝාතනය කරන ලද අතර ආණ්ඩුව උත්සාහ කරන ලද්දේ මළසිරුරු රහසේම නිවෙස් වලට යවා අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට ය. එහෙත් සිසුන්ගේ දැඩි විරෝධතාවය මත තම සටන් සගයාගේ මළසිරුරු ලබා ගැනීමට සමත් වූ ශිෂ්‍යයෝ, වර්ෂ 1988 නොවැම්බර් මස 03 වන දින දහස් සංඛ්‍යාත පිරිසකගේ ආචාර මධ්‍යයේ අවමංගල්‍ය කටයුතු සිදු කළහ.

ඒ සමග ඇති වූ දැඩි ආණ්ඩු විරෝධය මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද බොහෝ කැප කිරීම් හා පරිත්‍යාගයන් මතින් ගොඩනැගුණු අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස ඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කරමින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට පාලකයින්ට සිදුවිය. නූතනයේ  ද කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ කොට රාගම පවතිනුයේ එලෙස ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ බලවේගයන්ගේ කැපකිරීම් හා අරගල මතින් ජයගත් වෛද්‍ය පීඨය යි. තම සහෝදර සටන් සගයන් එකාපිට එකා ඝාතනය කරන මෝහතකදී අභීතව මෙකී අරගලයට නායකත්වය දුන් නිමල් බාලසූරිය, ත‍්‍රිමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සිතිර කීර්ති ජයවර්ධන, සරත් ෙකාල්ලූරේ ඇතුළු බොහෝ සහෝදරවරු පිරිසකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය තුළදී මෙන්ම ඉන්පසු අරගලවලදී   තම ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය.  අද දවසේද භුක්ති විදිමට මේ තරමින් හෝ නිදහස් අධ්‍යාපනය ආරක්ෂාව පවතිනුයේ ඔවුන් තම අභිමතාර්ථයන් වෙනුවට සමස්ථ සමාජයක අයිතීන් උදෙසා සිදුකළ උදාරතර කැපකිරීම්ය.

 

ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරනු ලැබූ අරගල මතින් පරාජයට පත් කළ පෞද්ගලීකරණ  ප්‍රතිපත්ති නූතනයේ දී ද විවිධ වෙස් ගෙන නැවත නැවතත් SAITM, ආසිරි - ඇබර්ඞීන් ආදී නම් වලින් පෙනී සිටිති. එම නිසා ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම රුධිරයෙන් තෙත් ව පෝෂණය ලද නිදහස් අධ්‍යාපනය නැමැති රුක්ෂයේ ඵල මතු පරපුර වෙනුවෙන් දායාද කරනු වස් ඔබටත් මටත් හෙට දින  එක්ව කිරීමට සටනක් ඇත. එය පිණිස එක්ව පෙළ ගැසෙමු.