Showing posts with label දේශය. Show all posts

Saturday, March 13, 2021

විකිණීමට ඇත.

No comments :


" නිදහසින් පසු වසර 73ක කාලයක් වසර පහෙන් පහට පැවති කට්ටිමාරු දේශපාලනයට පැවති නිශ්චිත දැක්මක් නොතිබීම මෙන්ම ඔවුන් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිවල පැවති දුර්වලතා නිසා අද දවස වන විට ලංකාව ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී පවතී. මීට විසදුම වන්නේ ආකර්ෂණීය වචන වලින් කලින් කලට ගෙන  එන ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ක්‍රමවේදය තුළ සිදුකරන වෙනසකි. එසේ  නොවන්නට අපට සිදුවනුයේ අප රට සතු වටිනා සම්පත් සින්නක්කරව හෝ බදු පදනම මත බලවත් ජාතීන් අත්පත් කරගන්නා දෙස බලා සිටින්නට පමණි.

     ස්පාඤ්ඤකාරයෝ කොලොම්බියාවට ආවේ රත්‍රන් හොයාගෙනය. ඉන්පසු ඇමරිකන්කාරයෝ කොලොම්බියාවට ආවේ කෙසෙල් කැන් සොයාගෙනය. ස්පාඤ්ඤකාරයෝ රත්‍රන් වෙනුවෙන් කොලොම්බියාවේ දහස් ගණන් ඝාතනය කළහ. 1928 දී ඇමරිකන්කාරයෝද කොලොම්බියාවට පැන කෙසෙල් වගාව පිණිස ඉඩම් කොල්ලකා තිස්දාහක් පමණ ඝාතනය කළහ.මේ සිදුවීම් වන කාලයට පෙර ලංකාවේද 1818 දී හා 1848 දී සුද්දන් විසින්  අපේ ජනයාද දහස් ගණනක් ඝාතනය කරනු ලැබුවේ මේ රටේ සම්පත් කොල්ලකෑම වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගේ පැහැය කුමක් වුවත් ක්‍රියාවේ වෙනසක් නැත. වර්තමානයේදී ද දෙස් විදෙස් නරුමයින් විසින් ලංකාව හපකර දමනවිට මෙරට උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් සිවිල් ජනයා බහුතරයක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටීම වේදනාවට කරුණකි. කොලොම්බියාවද අප වැනි රටකි. අධිරාජ්‍යයවාදීන්ගේ හපයක් බවට පත්ව ලතින් ඇමරිකානු කලාපයේ වඩාත්ම අනාරක්ෂිත රට බවටද පත්විය. ශ්‍රී ලංකාවටද එම තත්ත්වය උරුම වීමට මත්තෙන් මෙසේ සටහන් කරමු."